Scroll or drag to
navigate
Our Studnet Reviews
2023 වර්ෂයේදී අප පන්තියට සහභාගී වූ සිසුන්ගේ පංතිය පිළිබඳ අදහස්
Sir,මන් 3rd shy, 2nd shy එක කරල ආයෙම exam කරනව කියල හිතුවත් chemistry වලට class ගියේ නෑ sir. 2nd shy එකේ results එද්දි මට B එකක් තිබුනත් ඒ වෙද්දී chemistry හොඳටම අමතක වෙලා තිබුනෙ
.ඒක නිසා මන් rapid revision එකට join උනා. final papers ටිකත් centre එකට ගිහින් ලිව්වා.ඒ මාස 3 නැත්නම් 4 අතුලෙ sir අපිට මුලු syllabus එකම උගන්නන්න ඇති.
ඇත්තටම sir කෙනෙකුට මෙච්චරටම ලමයි වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන් කියල හිතුවෙ නෑ කවදාවත්. ඒ තරම් මරම වැඩ ගොඩක් කලා😊❤️ sir අපි වෙනුවෙන් මහන්සි උන විදිය අපි දැක්ක.ඒ හැමදේම වෙනුවෙන් thank you කියල මදි sir .sir ට ගොඩාක් පින්❤️
sir ගෙ class එකට ආව ටික කාලෙට subject එක වගේම ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙනගත්ත .'අවවාදයට වඩා ආදර්ශය උතුම් ' ඒ වචන ටිකට මන් දැක්ක හොඳම උදාහරණය sir 😌
sir ගෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න තිබුන. Exam එක ගැන කිව්වොත් sir මගේ කලින් shy එකට වඩා හොඳටම exam කලා .essay paper එක හොඳටම ලිව්ව😌
අයේමත් sir ට ගොඩාක් පින් හැමදේම වෙනුවෙන් .ඉස්සරහටත් නන්ගිල මල්ලිලට මේ වගේම ලොකු වැඩක් කරන්නත් sir ගෙ හැම target එකකටම යන්න පුලුවන් වෙන්න කියලත් wish කරනව sir
THANK YOU SIR❤️
මම Second Shy.First shy එකේ CCC මම සර්ගේ පන්ති එන්න ගත්තේ First shy එකේ අන්තිම හරියේ වගේ.First Shy එකේ fail වෙන්න තිබබ Chemistry අන්තිම ටිකෙ කොහොමහරි කරලා සර්ගෙ උදව්වෙන් C එකකට ඇදගත්ත.🙏🙏
පස්සේ කොහොමහරි Second shy එකත් පටන්ගත්තා.මුල ඉදන්ම සර්ගෙ Revision එකට ආවා.Papers වල Average ලකුණු තිබ්බේ 50-60 අතර
අන්තිමට කොහොමහරි A/L MCQ 32ක් හරි.❤️🙏Essay එක හොඳටම ලිව්වා.A/L පටන්ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් එච්චර හොඳට Essay Paper එකක් ලිව්වේ නෑ.සර් කියපු විදියට Time Balance කරලා පුළුවන් උපරිමෙන් පේපර් එක කරා.🔥Time එක
ගානට සෙට් උනා.තෝරගත්ත ප්‍රශ්න ඔක්කොම ටික කරා.මේ පාර A එකක් එයි කියලා හිතනවා.😌
විෂය ගැන කිසිම Theory පන්තියකින්වත් හම්බෙන් නැති දැනුමක් සර් Revision එකෙන් අපට දුන්නා.ඒකට ගොඩක් පින් සර්.🙏🙏
සර් අපි වැටෙන හැම වෙලාවකම ආපහු නැගිටින්න ලොකු හයියක් උනා.ඒ හැමදේටම Thank you sir❤️
#ආසාවෙන් ඉගෙනගන්න
සර් මම 2nd shy....1st shy results ACS ඒකෙත් S එක තිබුනේ chemistry වලට..1st shy එකේ ගම්පහ ප්‍රධාන ගුරැවරැ හතර දෙනෙක්ගෙම පන්ති ගියා.O/L කාලේ ස්කෝලේ maths ටීචට මම හැමදාම කතා කරලා කියනවා chemistry නම් කෙල වෙලා කියලා..එක දවසක් ස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ටීචව හම්බුනා එතෝට 2021 A/l ඉවර වෙලා 2022 revision එක පටන් ගත්ත සතිය..සර් එතෝට revision එක එක දවසයි කරලා තිබ්බේ ටීචගේ දුව 2021 exam කරලා 2nd shy කරන්න ඔනි කියලා revision යන්න අරගෙන..සර් එතෝට සුසිප්වන් එකේ cls කලේ අක්කගේ යාලුවෙක් කියලා තිබ්බා
මෙඩිකල් ෆැකල්ට්රියේ අයියා කෙනෙක් cls කරන්නේ කියලා..අක්කා revision එක පටන් ගන්න දවසෙ ඇවිත් ගෙදර ගිහාම ටීචර්ට කියා " සුදු පොඩි කොල්ලෙක් පොඩි උනාට අනිත් සර්ලා උගන්නවා වගේ නෙවේ හොදට මතක හිටින්න ලේසි විදි වලට කියල දෙනවා " කියලා තිබ්බා 👀🫶 ඉතින් ටීච මට කිව්වා අක්ක නම් හොදයි කිව්වා ගම්පහ සුසිප්වන් එකේ පන්ති කරන්නේ අගහරැවාදට revision එක...එයා bio වලින් island 4th හොද ඇති ලොකුවට ප්‍රසිද්ධ නැහැ තාම කිව්වා මම අනිත් subject දෙකට class ගියෙත් සුසිප්වන් එකේ නිසා මම ඇහුවා මොකක්ද ටීච ඒ සර්ගෙ නම කියලා ටීච කිව්වා අමිල දසනායක කියලා ඔයත් පොඩ්ඩක් ගිහින් බලන්න කිව්වා මම ඒ වෙද්දිත් ගිය පන්ති ඔක්කොම නවත්තලා අලුතින් පන්තියකට යන්න ගත්තා විතරයි ඉතින් මට ආයෙ ක්ලාස් එක මාරැකරන්න හිතුනෙත් නැහැ මට සර්ගෙ නම පවා අමතක උනා....ඒ කාලේ අනිත් subject දෙකම හොද මට්ටමක තිබුනා ඒ subject දෙකේම පේපර් ක්ලාස් වල top list පවා එනවා හැබැයි මට තේරැනා chemistry කෙල වෙලා කියලා ඒක ගොඩ දාගන්න වැඩ කරන්න ගන්නකොටම මගේ තාත්තා නැති වුනා මට ඒක දරාගන්න අමාරැ වුනා මම exam පවා අතඇරියා පන්ති ගියාට උනන්දුවක් නැහැ chemistry මට ගොඩගන්න බැරි තරමටම වැටුනා අනිත් subject දෙකත් තිබුනාට වඩා වැටුනා කොහොමහරි එකට මාස 3ක් තියෙනකොට ආයෙ සර්ව හම්බවුනා පේපර් ක්ලාස් ආවේ පේපර් එකේ ලියන්න කිසිම දෙයක් නැහැ 1 වෙනි structured essay එකවත් මට ලියා ගන්න බැහැ මට එපාම වුනා මම ආයෙ පේපර් එකට ආවෙත් නැහැ කොහොමහරි 2022 night seminar එකට හිටියා තේරෙන්නේ නැහැ අහගෙන හිටියා කොහොමහරි අන්තිමට chemistry පස්සෙන්ම ගිහින් පිස්සු වගේ 1st shy chemistry mcq paper එක දවසෙම 2nd shy කරනවා කියලා තීරණය කලා 2023 revision පටන් ගත්ත පලවෙනි දවසෙ ඉදන්ම class ආව. කියන්න සතුටුයි chemistry කිසිම දෙයක් බැරැව හිටිය මම පසුතැවීමක් නැති වෙන්නම පේපර් එක ලිව්වා organic inorganic පිස්සු වගේ තිබුන මම අද essay paper එක පටන් අරන් කලේද organic essay එකයි inorganic essay එකයි completed කරපු එක.ඉතින් @Amila_Dasanayake සර් ගොඩාක් පිං....inorganic හදුනාගැනීම් 1st shy එකේ හීනයක් වගේ😂🥲..හර බර chemistry සරලව කියාදීපු සර් ට බොහොම පින්❤️🙏අපි වගේම තව නන්ගිලා මල්ලිලා ගෙ ජීවිතෙ වෙනස් කරන්නට සර් ට ශක්තිය ලබේවා!💫සර්ගෙ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා හදවතින සුභ පතනව.🌸🍃✨
🌼අන්තිම පාරට කියන්න තියෙන්නේ, එපා වෙලා තිබ්බ විෂය ආසම විශය කරාට ලස්සනට ඉගෙන්නුවට THANK YOU SIR ❤️
බුදු සරණයි !❤️
සර් මම 2021 1st shy එක කරේ, chemistry paper එකට MCQ 17i තිබුනේ, ඒවත් ගොඩාක් කණා ගහලා, හරියටම දැනගෙන ගහපුවා නැතිම තරම්. 2nd shy එක skip කරා chemistry නිසාම. 2nd shy කාලෙම class ගියාට හරියට ප්‍රශ්නෙකට උත්තරයක් ලියන්න දන්නේ නෑ inorganic එහෙම දිග note පාඩම් කරා, හැබැයි ඒ ප්‍රශ්න වලට උත්තර ගන්න තේරෙන්නේ නෑ, සර් ගේ YouTube channel එකේ 2021 paper එක ගැන ළමයි group එකේ කිව්ව ඒවා දැකලා මම 2022 December වල වගේ paper class එකට join වුණා එතකොට ETP 3 හරි 4 හරි කරේ, ඒ දවසේ ඉඳලා exam එක වෙනකන් තිබුන හැම midnight session එකක්ම වගේ බැලුවා, එතකොට තමයි තේරුනේ කොච්චර class ගියත් තව ගොඩාක් දන්නේ නැති තැන් තියෙනවා කියලා, ඊට පස්සේ සර් 2023 paper class පටන් ගත්ත දවසේ ඉඳලා paper class එකට ආවා, MCQ එකක්නේ ඇත්තේ මොනවහරි කරනවා කියලා ආවේ, ඒත් එදා දුන්නේ esaay part එක, එකේ ලියන්න දෙයක් තිබ්බේ නෑ මට. කැතොඩ කිරණ වල ලක්ෂණ ගැන අහලා තිබුන ප්‍රශ්නේ විතරයි හරියට කරේ. පලවෙනි MCQ ekata 24/ 40ක් තිබුනා කණා ගහපුවත් එක්ක. එදා ඉඳලා මම හැම paper එකක්ම විවරණය කරා සර් කිව්ව විදිහට. එහෙම කරලා ඇවිත් ඊළඟ සතියේ MCQ එක කරාම 30/40 ක් ආවා. මම සර් ගේ revision ආවේ මාර්තු වල ඉඳන්. Online බලනවා කියලා හිටියට පෙබරවාරි මාසෙම බැලුවේ නැති නිසා මාර්තු ඉඳලා physical class ආවා. ජීවිතේ පළවෙනි පාරට මම chemistry ආසාවෙන් ඉගෙනගන්න පටන් ගත්තා සර් නිසා. AL වලට ආපු කාලේ ඉඳලම මම අකැමතිම විෂය වුණේ chemistry. Chemistry කියන්නෙත් ලස්සන විෂයක් කියලා සර් උගන්නද්දී තේරුණා,එතන ඉඳලා මගේ ආසම විෂය වුණේ chemistry. අන්තිම කාලේ වෙනකොට මට chemistry පාඩම් කරන්න වුණේ හොරෙන්, මොකද අම්මි බනිනවා හැම වෙලේම කරන්නේ chemistry නේ කියලා 😅 කොහොමහරි මම paper class එකේ papers miss කරේම නෑ, season 2 ppr 1 කරන්න වුණේ නෑ ඩෙංගු හැදිලා hospital ඉඳලා, final ppr 10 ekath miss una අසනීප වෙලා, ඒ ඇරෙන්න අනිත් හැම paper එකක්ම කරා, MCQ 24කින් පටන් ගත්ත එක season 2 pprs ඉවර වෙනකොට 37/ 40 කට ආවා. ETP 3 එකේ 40/50. AL MCQ එකට 42යි. මේ හැම දේකම credit එක යන්න ඕනේ සර් ට, මොකද chemistry වලට ඒ වගේ MCQ ගානක් කියන්නේ මට හීනයක් වගේ,කවදාවත් එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ, සර් ගේ support එක නිසා තමයි අන්තිම මොහොත වෙනකන්ම අල්ලගෙන හිටියේ මොන දේ වුණත් .ප්‍රශ්නයක් දැක්කම කොහෙන්ද උත්තර හිතන්න පටන් ගන්න ඕනෙවත් කියලා දන්නේ නෑ ඉස්සර, සර් උගන්නපු විදිහත් එක්ක ප්‍රශ්නේ දැක්ක ගමන් ගොඩාක් වෙලාවට උත්තරේ එනවා ඔලුවට. සර් revision එකේ අපිට වැඩ කරවපු තරම් මම කලින් ගිය theory class වලවත් කරලා නෑ, සර් ගේ teaching techniques මාරයි ❤️ සර් ළමයි වෙනුවෙන් කරන කැපකිරීම් ගැන කියන්න වචන නෑ සර්, Thank You කියනවාට වඩා සර් ට ගොඩාක් පින් සර් හැම දේකටම 🙏🏻❤️
Sir ,👽
මේ මගේ 2nd Shy එක ගිය පාර මට තිබ්බේ C 3ක්. 😵💫
මන් සර්ගේ මුලින් පේපර් ක්ලාස් ආවේ. Revision ආවේ අන්තිම මාසේ දෙකේ වගේ හැබැයි සර්ගේ Seminar, QBT, Midnight Session වලින් මාරම ගේමක් ගැහුවේ ඒවා පට්ට වටිනවා සර් ❤️🔥
මේ පාර ආසාවෙන් ලිව්වා. හොදට ලියන්න ඇති කියලා හිතනවා.
ඉතින් සර්ට ගොඩක් පිං !!!! 🥺♥️
ගිය පාර chemistry essay එකේ හරියට කරේ 1 වෙනි ප්‍රශ්නේ විතරයි. ආයේ කර්මාන්ත එක. ඒකත් සර්ගේ ගිය පාර සෙමිනා එක නිසා. මේ පාර essay එකේ ලියන්න ඕනි ප්‍රශ්න ඔක්කොම ටික කරා. ඒ සර් හින්දා තමයි. කලින් shy එකේ inorganic කියද්දිත් අප්පිරියයි. කොටින්ම මට එපාම වෙලා හිටපු subject එක තමා chemistry. හැබැයි මේ පාර සර්ගේ ක්ලාස් ආපු නිසා මේ shy එකේ ආසම subject එක chemistry වෙලා තමා නැවතුනේ🥺 ඒ ඔක්කොටම සර්ට මාරම පින්🥺 වෙන කිසිම chemistry ගුරුවරයෙක් මේ තරම් මහන්සි වෙලා කැපවීමෙන් revision එකක් කරන්නේ නැතුව ඇති. අනික සර්ගේ ක්ලාස් එකක උදේ ඉදම් හවස් වෙනකම් උනත් කිසිම කම්මැලිකමක් නැතුව උදේ පටන් ගත්තු විදියටම හවස් වෙනකම් වැඩේ අල්ලගෙන ඉන්න පුලුවන්. ඔන්ලයින් බලලත් ඒ වගේ ගාණට ක්ලාස් එකේ ඉන්න පුලුවන් කියන්නේ සර්ගේ උගන්නන විදිය නිසා තමා. සර්ගේ talent එක නිසා තමා. මේ පාර chemistry exam එක ගිය පාරට වඩා මේ පාර 70%ක් 80%ක්ම කරගත්තේ සර් නිසා තමා. සර්ට ගොඩක් පින් මේ වගේ තැනකට අපිව ගෙනාවට. Thank you sir🥺❤️. සර්ගේ ඉදිරි වැඩ කටයුතු සේරම 100% ක්ම සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you sir♥️
Thank you sir ❤️අපි වෙනුවෙන් කරන හැම දේකටම ..උගන්නන දේ සරලව මතක හිටින්නම සර් කියල දුන්නා.Chemistry කියන විශය හරියටම කියල දුන්නේ sir .🥺❤️🙏
මේ හැම දේකටම සර් ට ගොඩක් පිං 🙏❤️❤️ සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏
සර් ට බුදු සරනයි ..❤️🙏
1st shy එකේ එපා වෙලා තිබ්බ chemistry 2nd shy එකේ ආසාවෙන් ඉගෙන ගත්තේ සර් නිසා. Subject එකේ අමාරු කොටස් සර්ගේ කෙටි ක්‍රම වලින් හොදට මතක හිටිනවා. අපි වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩක් පින් සර් 🙏
Thank you
@Amila_Dasanayake sir ❤️
සර් 1st shy MCQ 31 යි -C
මේ සැරේ 40k තියෙනවා .Chemistry essay එක තමයි මේ shy එකේ ලියපු හොඳ ම paper එක.කවදාවත් නැතුව වෙලාවත් ඉතුරු වුණා.Thank you sir ❤️ Results ආවම එන්නම් කතා කරන්න ✨
සර් මගේ 2nd shy එක මේක. ගිය පාර මන් සර්ගේ inorganic night seminar එක බැලුවා. එදාම හිතා ගත්තා revision එකට එන්නේ සර්ගෙ තමයි කියලා. මට එදා ඇත්තටම මාර පුදුම හිතුන එදා සර් අහපු ප්‍රශ්න වලට ලමයි උත්තර දෙන හැටි දැකලා මොකද (no offense but) වෙන පන්ති වල ලමයින්ට ඔහොම inorganic මතක නෑ. කොහොමහරි මං 23 revision එකේ මුල්ම දවසෙ ඉදන් සර්ගෙ පන්තියට සම්බන්ධ උනා. වැඩ ටික පිළිවෙළට කලා. Papers එහෙම මිස් නොකරම ලිව්වා. මට කලින් පාර තිබ්බේ mcq 22ක්ද කොහෙද. ඒ shy එකේම මං කලේ tv series බලන එක විතරයි. අන්තිම කාලේ සර්ගෙ පේපර් වලට හැත්ත ගනන් තිබ්බා. මං ගත්ත හැම ලකුණක්ම සර් හින්දා මොකද ඇත්තටම අපිටත් වඩා සර් මේකට මහන්සි උනා. අද ගෙදර ඇවිල්ල mcq බලද්දී 41ක් හරී. ඇත්තටම එවෙලේ කලබල උනේ නැත්තම් 44/45ක් ගහන්න තිබ්බා. ඒත් ගිය පාර 22ත් එක්ක බලද්දී 41ක් කියන්නේ ඇත්තටම ලොකු ලකුණක්. මං ගත්ත හැම ලකුණුකටම සර්ට ගොඩාක් ස්තූතියි. සර් කරන හැම වැඩක්ම සර් හිතනවටත් වඩා හොදට කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරු හරි හොද chemistry class එකක් ගැන ඇහුවාම මං අපේ පන්තිය රෙකමන්ඩ් කරන්නේ ඉහටත් උඩින්. එහෙම ආපූ හැමෝම සර් ගැන හොද විතරයි කියන්නේ. ඉස්සරහ වැඩ වලටත් සම්බන්ධ වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා. ගොඩක් ස්තූතියි සර්
Sir mn Tamil medium.. ewunata sir gea okkoma free session YouTube eke baluva sir. Mata hondhata theruna sir. Electro chemistry sir gea vdos balala thama mn padam kare. Adha ppr ekea palaviyata karea ea prachna thama.
Sir anthimata dhunna vedath puluwan tharam Kara sir.
Sir ta godak thank you. God bless u sir ❤️ @Amila_Dasanayake
මේ මගේ 2 shy එක සර්. First shy එකේදි rapid revision එකෙන් තමා සර්ගේ ක්ලාස් එකට ආවේ.සර් 2022 ක්ලාස් එකට කරපු D ගොනුව free සෙමිනා එක තමා මගේ chemistry subject එකේම turning point ek. ඒ දවස් වෙද්දී සර් ගේ ක්ලාස් එකේ ඉනෝගනික් ඉවර වෙලා තිබ්බේ .යාලුවෙක්ගෙන් දැන ගෙන් තමයි මුලින්ම D ගොනුව වීඩියෝ එක බැලුවේ .ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තත් හරී පැය 5 එක දිගට බලපු පලවෙනි වීඩියෝ එක ඒක. ඒක කොයි තරම් මට chemistry subject එකට ආස කරද කිව්වොත් 2 shy එකේදී ඒ පාඩම කරන කාලෙත් සර් කියපු උදාහරණ එක්කම ඒ පාටවල් ඔක්කොම මතක තිබ්බ . Subject 3 ම එපා වෙල හිටපු මට chemistry subject එකෙන් ලොකු උදව්වක් උනා.ලකුනු ටික ටික එද්දී ඒ සතුටෙන් අනිත් subject දෙකත් මන් කොහොමහරි විබගේ ලන් වෙද්දී පුලුවන් තරමින් ගොඩදාගත්ත first shy ekedi BCC අවේ .B Chemistry ඒ වෙද්දිත් chemistry C එකේ මට්ටමේ හිටපු මන් B එක දාගෙත්තෙ මගෙ වාසනවකට වගේ සර්ගෙ ක්ලාස් එක හම්බුන නිසා.❤️ 2 shy එකේදී මුල ඉදන් revision එකට ආව .මට 2 shy එක කරද්දී 1 shy එකේ chemistry වලින් rapid එකෙන් කරගත්ත පාඩම් ටිකම ලොකු උදව්වක් උනා .සර්ගේ organic, inorganic, උගන්නන විදියනම් සුපිරී .අද essay paper එකෙත් මුලින්ම කරේ organic එක. එදා මට ඒ D ගොනුව සෙමින එක හම්බුනේ නැත්නම් අද වෙද්දිත් chemistry එපාම වෙලා ගිහිල්ලා.අනිත් එක තමයි සර් සෙන්ටර් වල paper ලියවපු එක .ඒකනම් මාරම හොදයි ඒකේ වාසිය එන්නේ exam එකට ගිහිල්ල paper එක ලියන වෙලාව්ට .ඒ වෙලවට A/L paper එක කියන්නෙ තව එක paper ekak විතරයි.මැත්ස් කරන ලමයිට chemistry අමරුයි වගේ දේවල් වෙන අය කිව්වට මගේ ආසම subject එක chemistry .ඒ සර් වගේ ගුරුවරයෙක් chemistry වලට ලැබුන නිසා.අනිත් එක අපේ ක්ලාස් එකේ වගේ අනිත් ලමයිට මේ තරම් උදව් කරගෙන වැඩ කරන් ලමයි සෙට් එකක් දැක්කෙත් මුලින්ම මේ පන්තියෙ..අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ගොඩක් පින් සර් ❤️❤️ thank you so much
මම සෙකන්ඩ් ශයි සර් මට මුලින් තිබ්බෙ FFS එකයි ගිය පාර කිසිම දෙයක් ලිව්වෙ නෑ පේපර් වල chemistry kiynne මට ඉස්සර වහ කදුරු වගේ පොඩ්ඩ්ක්වත් මන් ආස නෑ chemistry වලිම් මට පුලුවන් වූනේ හරියට ලුවිස් වියුහ අදින්න විතරයි සර් ඒත් 2022 රිසල්ට් එන්න කලිම් මට මගේ යාලුවෙක් කිව්වා සර් ගැන ඒ දවස් වල සර් ගැන මන් එච්චර දන්නෙ නෑ පස්සෙ යූටියුබ් එකේ විඩියෝ වලිම් යාලුවොන්ගෙ මාර්ගෙන් මන් සර් ගැන දැනගත්තා මන් සෙකන්ඩ් ශයි එකට ලෑස්ති වුනේ 2023 අගෝස්තු මාසේ ඉදන් මන් සර්ගෙ ක්ලාස් එන්න ගත්තා කර්මාන්ත වල ඉදම් මට ඒ කියලා දිපු හැමදේම හොදටම තේරුනා chemistry ගැන තිබ්බ බය මගෙ හිතින් ටික ටික අයින් වුනා සර් ❤️😁
ඉතින් ඊට පස්සෙ 2022 රිසල්ට් ආවහම මන් ෆේල් මට එදා මාරම දුකයි සර් අපිට පෙන්නලා දුන්නා ෆේල් වේලා ආයෙ පාස් වුනු අයියලා අක්කලා ගැන ඒවා මගෙ ජිවිතේ මෝටිවේට් එකක් වුනා එහෙම අයත් ඉන්නවා නේද කියලා හිතුනා ඉතින් සර්ගෙ පලවෙනි වතාවට ඉරනම වෙනස් කරමු special meeting එකට මන් ජොයින් වුනා එදා තමයි මගෙ ජිවීතේ ටර්නින් පොයින්ට් එක වුනේ සර්ගෙ ක්ලාස් එක දවසක්වත් මන් මිස් කරගත් තෙ නෑ හැමදාම ආවා organic මට මාර විදියට සෙට් වුනා සර් 😍 ආසාවෙන් ඉගෙන ගත්තා මන් ඊට පස්සෙ සර්ගෙ රැපිඩ් රිවිශන් එකටත් ආවා මන් හිටපු තත්වෙට වඩා මන් ගොඩක් උඩට ආවා සර්ගෙ Final papers exam target paper ඒ හැමදේම කරා එකක් නෑර ඉතින් ඒ හැමදේම අද පේපර් එකට උදව් උනා සර්ට ගොඩක් පින් ඒ වුනු මහන්සියෙ ප්‍රතිඵල ගොඩක් හොද එකක් වෙයි කියලා මන් විශ්වාස කරනවා 💕😊❤️ සර්ට ගොඩක් පින් සර්ගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා Thank you so much @Amila_Dasanayake sir
ආසාවෙන් ඉගෙන ගන්න ❤️
1st shy එකේ chemistry s එකක්
ඒකත් එන්න ඇත්තෙ mcq හරි ගියපු ටිකයි organic ටිකකිනුයි
මේ පාර මුල ඉදන්ම සර්ගෙ revision එකට ආව
පේපර් කරන්න පටන් ගත්තෙ හැබැයි season 2 අන්තිම හරියෙ වගේ ඉදන්
මුලින් ලකුනු 20-25 වගේ තිබිල
Etp3 වෙනකොට 56 කට ලකුණු හදාගත්ත.මං ඒ අන්තිම පේපර් එක ලිව්වට වඩා සෑහෙන්න හොදට මේ පාර chemistry පේපර් එක ලිව්ව.
හොදටම ශුවර් මොකක්ම හරි හොද දෙයක් වෙලා ඇති කියලා .
Inorganic පෙන්නන්න බැරුව හිටියෙ.
Physical ගානක් කීයටවත් හරියට හදා ගන්න බෑ
එහෙම තියෙද්දි තමයි සර්ගෙ ක්ලාස් ආවෙ.
එහෙම තියෙද්දි chemistry බයක් නැතුව ලියන්න පුලුවන් තරමට හදා ගත්තෙ සර් නිසා
ඇත්තටම කිව්වොත් ආසාවෙන් ඉගෙන ගත්තෙ සර් නිසා.
කරපු හැම උදව්වකටම ගොඩක් පින් සර්
ගිය පාර MCQ paper එකේ පලවෙනි පිටුවටම එක MCQ එකයි හරි.. මේ පාර පලවෙනියටම වැරදුනේ 19 වෙනි MCQ එක.. එක වාක්‍යයකින් කිව්වොත් මේ හැමදේම සර් නිසා!
කලින් shy එකේ Chemistry වලට මට S එකක් තියෙන්නේ.. අඩුම Result එක ආපූ ආසම නැති Subject එක Chemistry.. කලින් Shy එකේ අන්තිම කාලේ වෙද්දි Chemistry Past Papers පොත අතට ගද්දි ඇඬෙන්න තරම් බලන බලන එක ප්‍රශ්නයක්වත් කරගන්න බෑ.. ඒතරම්ම අවුල් වෙලා ඉඳලා තමයි සර්ගෙ Class එන්න පටන්ගත්තේ..
පෙබරවාරි ඉදන්ම සර්ගේ Revision Class ආවා එකම එක දවසක් අසනීප වෙලා එන්න බැරි උනා අනික් හැම දවසකම එක දිගට ආවා.. Chemistry අප්පිරියා වෙලා තිබ්බ මට සර්ගෙන් ඉගෙනගත්ත හැම පාඩමක් ම තේරුනා.. එතකොට මටම හිතුනා ඇයි කලින් පාර මෙච්චර upset උනේ කියලා.. ඇත්තටම සර්ගෙ ඉගැන්වීම නම් Perfect. ඒ ගැන වචනවලින් කියලා නිම කරන්න බෑ.. Second shy එකේ අඩුම කාලෙකින් වැඩිම වෙනසක් කරේ Chemistry වල ඒ වෙන කිසි කෙනෙක් නිසා නෙමෙයි සර් නිසා.. Final papers දෙවනි එකේ වගේ ඉඳන් සර් A මට්ටම කියලා කිව්ව ලකුණට වඩා උඩින් මට ලකුණු ආවා හැම Paper එකකටම.. එකම එක Paper එකක්වත් miss නොකර එකදිගට ලිව්වා.. බැරිම Subject එක පුලුවන් වෙද්දි ආපු සතුට නම් කියලා ඉවර කරන්න බෑ සර්..
ගිය පාර MCQ 23යි.. මේපාර 41යි.. Second paper එකත් සෑහෙන හොඳට ලියාගන්න පුලුවන් වුනා කියලා හිතනවා.. මං ආයෙම කියන්නේ, මේ හැමදේම සර් නිසා!
ඇත්තටම සර් Thank you නෙමෙයි, ගොඩක් පිං මට බැරිම වෙලා තිබ්බ subject එක මාස 11කින් වගේ සාපේක්ෂව පොඩි කාලෙකින් මගේ ආසම, Comfort subject එක කරාට.. ඒකේ සම්පූර්ණ Credit එක සර්ට! 🤍
මේ දැං paper එක ඉවර වෙලා ගෙදර එන ගමන්..මේ මගෙ 3rd shy එක...ඒ වගේම මං හිතන්නෙ හොදම shy එක....2nd shy එක ලියන්න කලින්ම භාගෙට කෙල වෙලා එපා වෙලා හිටියෙ...දවසක් නිකං ෆෝන් එක අරං youtube එකේ පාඩමක් search කලා..elecro chemistry seminar එකක්...මොකක්ද කියල බලන්නත් එක්ක බැලුවා..එදා මං හිතාගත්තා මං 3rd shy කරනවා ඒ වගේම clz ynne අමිල සර්ගෙ කියල...මං සර්ගෙන් තමා මුලින්ම Inorganic ඉගෙන ගත්තෙ...ඊට කලින් කවදාවත් පාඩමක් විදිහට ඉගෙන ගෙන තිබුන්නෑ...කලින් shy 2ම inorganic structured එක හිස් තියල ආව මම අද full confidence ඇතුව සම්පූර්ණ ප්‍රශ්නෙම කරල ආවා..inorganic essay එක මග ඇරල යන්න පුරුදුවෙලා හිටියෙ කලින් shy වල...ඒව දිහා බැලුවෙවත් නෑ..හැබැයි අද මං හිතන්නෙ පේපර් එකේ සාර්ථකවම කරගත්ත ප්‍රශ්න වලින් එකක් ඒක...මං කව්දාවත් motivation විශ්වාස කරල නෑ සර්...මට එහෙම දැනෙන විදිහෙ motivation දෙන ගුරුවරයෙක් ලග මං ඉගෙන ගෙන තිබුන්නෑ....හැබැයි සර්ගෙ වචන මාව මාර විදිහට motivate කලා...දැන් ඇති කියල හිතුනු තැන්වල නෑ තව ටිකක් පුලුවන් කියල හිතුනා...ඒ හැමදෙයක් එක්කම මං අද මගෙ ජීවිතේ අන්තිම A/L shy එක සාර්ථකව ඉවර කලා...ඉතිම් සර්...අන්තිම වෙනකං අපි එක්කම හිටපු එකට, අපි හිතින් වැටෙන හැම වෙලාවකම අපිව නැගිට්ටවපු එකට, අපිට පුලුවන් කියල අපි ගැනම විශ්වාස කරන්න උගන්නපු එකට ගොඩාක් ස්තූතී....ස්තූතී නෙවේ පිං...සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...ආයෙ ආයෙත් ගොඩා......ක් පිං සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සර් මං 1 st shy,
මං සර්ගෙ clz ආව කෙනෙක් නෙමෙයි
හැබැයි මං සර්ගෙන් තමයි chemistry හරියටම ආසාවෙන් ඉගෙනගත්තේ
මං මුලින්ම සර්ව අදුරගත්තෙ Electrochemistry seminar එකෙන්
Amila sir කියන්නේ කවුද කියලා බලන්න තමයි clz එකට join වුනේ
එදා දවස ඇතුලත කරපු ටික හොදටම තේරුනා
ඒවගේම inorganic night seminar එකටත් සම්බන්ධ වුනා
මුලින් inorganic note එක 160 CR පොතක් පිරෙන්නම තිබුනා
කොහෙන්ද පාඩම් කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියෙ
ඒනිසාම එපාම කරපු පාඩම වුනේ inorganic
Term test වලදි inorganic කොටස් සම්පූර්නෙන් අතඅරිනවා
සර්ගෙ seminar එකෙන් තමයි inorganic හරි සරලව ඉගෙන ගත්තේ
Inorganic ප්‍රශ්න එහෙන් පිටින්ම අතඇරලා දාපු මට ඒ ප්‍රශ්න හරියට කරගන්න පුළුවන් වුනා
ඒ හැමදේම සර් නිසා තමයි
පරක්කු වෙලා හරි සර්ව හම්බුනේ මගෙ පෙර පිනකට වෙන්න ඇති 🥹
සර් අන්තිම දවස්වල දාපු එක එක පාඩම් වල video link හැම එකක්ම වාගේ බැලුවා
ඒ හැමදේකටම සර්ට ගොඩක් පින්
සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සර්ට බුදු සරණයි!
💐🤍
මේ මගේ second shy එක sir. මම ඇත්තටම first shy chemistry fail වෙච්ච කෙනෙක්. මම සර්ගේ පන්ති එන්ඩ ගත්තේ rapid revision එකේ ඉදලා. rapid revision එකට එනකොටත් මම chemistry ගැන මුකුත්ම දන්නේ නැති ළමයෙක් විදිහට තමයි ඇත්තටම ආවේ. මාස තුනක් ඇතුලත ඇත්තටම හිතාගන්ඩ බැරි ලොකු ගේමක් ගැහුවා. මගේ first shy mcq 6 යි තිබ්බේ. මේ සැරේ මගේ mcq 29 ක් හරි. chemistry දෙවැනි paper එකත් සුපිරියටම කරා සර්. කවුරුහරි හිතනවා ඇති mcq 29 කියන්නේ ගොඩක් පොඩි ගානක්නේ කියලා ඒත් මට මේ ගාන ඇත්තටම ලොකු ගානක්. මොකද මම කලින් shy එකේ fail වෙලා ඉදලා වැඩ කරපු කෙනෙක් නිසා. Organic, inorganic සම්පුර්ණයෙන්ම අල්ලගත්තේ ඇත්තටම සර්ගෙන්. කලින් shy එකේ chemistry එපාම subject එක උන මගේ මේ shy එකේ ආසම විෂය උනේ සර් නිසා. ගොඩක් පින් සර් මේ කරපු හැම දේටම. sir කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර්ට දීර්ඝායුෂම වෙන්න ඔනි. බුදුසරණයි සර් ❤️❤️🙏🥺
මන් සර්ගේ රිවිෂන් ආවේ අන්තිම මාස දෙක තුනේ විතරයි, එතකන් කිසිම improvement එකක් නැතුව ෆස්ට් ෂයි එකේ විදියටම වැඩ කරගෙන හිටියා. exam එක ගැන කිසි උනන්දුවක් තිබ්බෙත් නෑ. අන්තිමට හැමදාම මෙහෙම කරලා බෑනේ කියල සර්ගේ රිවිෂන් එකට join උනා. යාලුවෙක් සර්ගේ වීඩියෝ බලන්න, සර් හොදයි කියල recommend කරපු නිසා සර් ගැන දැනගත්තේ. කෙමිස්ට්‍රි ඉගෙනගෙන තියෙනවා 4 දෙනෙක්ගෙන් විතර, එත් සර්ගේ තරම් කාගේවත් ඇල්ලුවේ නෑ 🔥 සරලම මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටමට ළමයට දැනෙන්න සර් උගන්නනවා. සර් ගැන තියෙන හොදම දේ තමයි අපි වගේ සාමාන්‍ය, ආතක් පාතක් නැති ළමයින්ට relate කරන්න සර්ට තියෙන පුළුවන්කම ❤️🩹 වැඩ කිරීම හිතේ තියෙන අවුල්, සමහර පාඩම් ගැන තියෙන PTSD (😂) වගේ ඒවා ගැන සර් කිව්වේ නිකන් හිත කියවලා වගේ, ඒ ප්‍රශ්න වලට හරියටම ගැලපෙන විසඳුම් නුත් සර්ම දුන්න. ඒ තැන් වල ඉඳන් සර් අපේ ඔලුව හැදුවේ නැත්තන් අපේ ක්ලාස් එකේ ළමයින්ට මෙහෙම confidence පිට පේපර් ලියන්න බෑ. වෙන සර්ලව අවතක්සේරු කරනවා නෙවෙයි, එත් විබාගේ ඉවර වෙනකන් මෙහෙම support එකක් දීල ළමයි ඇදගෙන යන කෙමිස්ට්‍රි සර් කෙනෙක්ට මන් පෞද්ගලිකව දන්නේ හෝ අහල තියෙන්නේ අමිල සර් විතරයි. මගේ අත්දැකීම මත කොච්චර ඉගෙනගත්තත් අන්න ඒ අන්තිම දවස් ටිකේ දෙන support එක තමයි වැඩියම වටින්නේ. මන් මේ ෂයි එකේ අන්තිම දවස් වල විතරක් වැඩ කරන්න ගත්තු නිසා සහ විබාගේ මැද ලෙඩින් වැටුණු නිසා හොදටම කරගන්න බැරි උනාට, මේ තරම් තෘප්තියකින් ජීවිතේට chem පේපර් එකක් ලියල නෑ. 'අමාරු' පේපර් එකක් වෙලත් MCQ එකට 31ක් තියෙනවා. Essay ප්‍රශ්න 4ම ලියපු පලවෙනි පේපර් එක මේක. සාපේක්ෂව මහ දෙයක් නොවුනට මන් වගේ වැඩ කරන්න කම්මැලි below average ළමයෙක්ට ඒක ලොකු දෙයක්. කෙටි කාලෙකදී සිද්දවුණු මගේ improvement එකේ credit එක සම්පුර්ණයෙන් සර්ගේම තමයි❤️
තව දෙයක්, සර්ගේ ක්ලාස් එක සහ අපේ Chemistry+Physics ක්ලාස් දෙක වටේ හැදිච්ච community එකේ experience එක, ඒකෙ එකමුතුකම අත්විඳින්න ලැබුණු එකම ලොකු සතුටක්. A level වගේ තරගකාරී විබාගයක් එකට ගොඩ යන්න එකමුතුවෙන් වැඩ කරන ළමයි දාස් ගානක community එකක් මිට කලින් කවදාවත් දැකල තිබුනේ නෑ. මුලදීම සර්ව හම්බුනේ නැනේ කියල දුකයි, සර්ගෙන් ආයි මුල ඉඳන් හැමදේම ඉගෙනගන්න ආසයි, වයස යන නිසා විතරක් 3rd එකක් නොකර හිටියට මේ community එකේ කොටසක් වෙලා ඉන්න ආසයි හැමදාම. සර්ට ගොඩක් ස්තුතියි, මේ අත්දැකීම දුන්නට සහ අපිව ගොඩ දාල දුන්නට! අමතක වෙන්නේ නෑ මේ මාස තුන, ජිවිතේ කොහේ කොතැනට කොහොම ගියත්❤️
මේක මගේ 2nd ශයි එක. සර් ගැන මන් දැනගත්තේ 2022 තිබ්බ inorganic නයිට් සෙමිනා එකෙන්. 22 1st shy එකෙත් මන් ඒ වෙනකොට හිටියෙ C එකක මට්ටමේ අන්තිම ටිකේ සර්ගේ මිඩ්නයිට් සෙෂන්ස් හැම එකකටම වගේ සහභාගී උනා. අන්තිමට ආවෙ B එකක්. C එකක හිටපු මට B එකක් ආවෙ සර් නිසා. 2nd එකට මන් ක්ලාස් ආවෙ රිසාල්ට් ආවට පස්සෙ. ඉස්සෙල්ලම ලිව්ව පේපර් එක Final Paper 2 ඒකට ලකුනු 47ක් තිබ්බා. අන්තිමට තිබ්බ ETP පේපර් එකට 64 අරගෙන ඉවර කරා. Chemistry පේපර් එකකට 60කට වඩා ගන්න එක හීනයක් වෙලා තිබ්බ මට ඊටවඩා ගන්න පුලුවන් උනේ සර් නිසා❤️🥺 මේ පාර Chemistry පේපර් එකට mcq 34 තියෙනවා සර්. දන්න ඒවා දෙක තුනක්ම වරද්දලා තිබ්බ. හැබැයි ඒ පාඩුව සෙකන්ඩ් එකෙන් කවර් කරගත්තා. ශුවර් මේ පාර A එකක් එනවා. ගියපාර structure 2 ප්‍රශ්නෙ මුකුත්ම ලිව්වෙ නැතුව ආවෙ. මේ පාර structure එකේ කිසිම හිස්තැනක් නෑ. ඒක ගැන මට මාරම සතුටුයි. Essay පේපර් එක නම් නතින්ග් සර්. ජීවිතේ ලියපු ලේසිම essay පේපර් එක. මේ හැමදේම සර් නිසා🥺 අපි වෙනුවෙන් කරපු හැමදේටම පින් සර් ❤️ එපාවෙලා තිබ්බ Chemistry ආසම විෂය උනේ සර් නිසා ❤️ වැටුණු හැම තැනකම නැගිට්ටෙ සර්ගෙ වචන නිසා මේ කරපු හැමදේටම ගොඩක් පින් සර් ❤️
සර්ගෙ වැඩපිළිවල හොඳයි එකේ කතා දෙකක් නෑ...
වෙලාවට පේපර්, Marking දෙනවා
මොන දේ වුනත් වෙලාවට වැඩ කරන Instructor team එක...
මන් ආසා පිළිවලට වැඩ තිබුණු ක්ලාස් එකක්...
මට එන්න පුළුවන් වුණේ පේපර් ක්ලාස් විතරයි සහ මන් ආවේ අන්තිම මාස 4 වගේ නිසා මට මාර පසුතැවීමක් දැනුනා ඇයි මන් කලින් නොආවේ කියලා
සර්ගෙ ක්ලාස් එකේ මුල ඉඳන් ම ගියා නම් A එකක් ගන්න උනත් තිබ්බා කියල හිතෙනවා
කමක් නෑ ගිය දේ ගියා
සර් ෆ්‍රී ක්ලාස් දාලා, සෙමින කරලා අපි වගේ හැමෝටම උදව් කරාට ගොඩක් ස්තුති...
Paper ක්ලාස් වෙලාවේ අපිට උදව් කරපු අපි එක්ක හිටපු,Instructor team එකාටත් ගොඩක් ස්තුති
එපා වෙලා තිබුණ chemistry ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් උනේ සර් නිසා.\ සර් ට ගොඩක් පින්. Physical ,organic specially inorganic කවදාවත් මේ වගේ හොදට තෙරිලා තිබුනේ නැහැ .
Thank you sir අපිට උගන්නපු හැම වචනයක් ගානෙම.🙏🙏😊
මේ මගේ 1st shy එක.මම සර්ව අඳුර ගන්නේ අහම්බෙන් telegram video එකක් දැකලා මම මුලින් chemistry අත ඇරල වගේ තමයි හිටියේ. Scl term test වල අහලා තිබ්බ සමහරක් ප්‍රශ්න මුල් පාඩම් වල ඒව වත් මම කරගන්න දන්නේ නෑ.chemistry එපාම වෙලා හිටපු වෙලාවක සර්ව හම්බවෙච්ච එක මගෙ ලොකු වාසනාවක්.දැන්නම් මට sure මට A එකක් එනවමයි කියල.නැතත් උඩ මට්ටමේ B එකක් හරි එනවමයි.inorganic මුල් කාලෙම මම මගේ theory clz නැවැත්තුවා.ඒ මම කලින් ගිය සර් කියල දෙන දේවලින් මට paper කර ගන්න බෑ කියල හිතුනම.මම inorganic වල ඉදන් ඊට පස්සෙ ඔක්කොම පාඩම් වගේ ඉගන ගත්තේ sir ගෙ revision එකෙන්.ඒක ට්ල් theory එකකට වඩා මාරයි.සර් උගන්නන විදියට උගන්නපුවයින් 80% ක් විතර එවලෙම මතක හිටිනව.අපිට හරි පොඩි දෙයයි ගෙදර ගිහින් කරන්න තිබ්බෙ.කොහොම හරි මම කොච්චර ගුරුවරුන් ගේ chemistry clz ගියත් අන්තිමට මගේ chemistry හැදුනේ සර්ගෙන්.සර්ට ගොඩක් පිං අපි වගේ ගොඩක් අයව ඉස්සරහට ගෙනිච්චට.ගොඩක් අය හලපු ලමයි සර් නිසා ගොඩ ගියා.Thank you sir. මේ වගේ ලමයි තව දස දහස් ගානකට තමංගේ හීනේට යන්න උදව් කරන්න ශක්තිය ධෛර්යය ලෑබේවා....
Sir,මම ගොඩක් ම සර් ගෙ you tube videos බලල තමා ඉගෙන ගත්තේ ,අන්තිම මාස 3 විතර ඉඳන් තමා sir ගෙ class එකට ආවෙ.අන්තිම මාස තුනේ වුණත් අවුරුදු දෙකකින් ඉගෙනගෙන ඉවර කරන්න බැරි දේවල් ගොඩක් ලේසියෙන් සරලව, ආසාවෙන් ඉගෙන ගත්තා sirge class එකට කලින් එන්න බැරි වුණානෙ කියලා හිතපු වාර ගොඩයි සර්. Thank you very much Sir ❤️ගොඩක් පින් Sir.
ඇත්තටම සර් මං හරිම කැමති සර් වැඩ කරන විදියට❤️ හරිම පිළිවෙලයි වගේම මට අනුවනන් මාරම perfect. සර් උගන්නන විදිය ගැනනන් කියන්න වචන නැ First shy එකේ අමාරැවෙන් තේරුම් ගත්ත ගොඩක් දේවල් සර් කොටලා පොවනවා වගේ🥹. ඇත්තටම ගිය පාර අපි class එකේ සර්ව දැක්කේ මාසෙටම 4පාරයි. එකට සර් හැමවෙලෙම අපිත් එක්ක මේ වැඩේ ඇතුලේ හිටියා. 🥹🥺❤️🔥.Thank you sir and good luck. Sir කරන හැම වැඩක්ම හරියන්න ඕන.
First shy එකේ Chemistry S sir.mcq 19 තිබුනේ.මෙ පාර mcq 38 .අත් ඇරලා දාපු chemistry මේ මට්ටමට පුළුවන් වුනේ සර් නිසා.
මම ඉපදිලා දවස් 5 න් මගේ තාත්තා නැති වුනා සර්.අපෙ ගෙදර අම්මයි , මමයි විතරයි.challenges කියන ඒවාට සෑහෙන්න මුහුණ දීලා තියනවා.මෙ පාර exam එක මැදිදිත් අම්මට සනීප නැති වෙලා hospital admit කලා.එ ප්‍රශ්න කොහොම ආවත්.I really tried hard....
සර්ගෙ වචන මට මාර හයියක් වුනා සර්.🔥🔥🔥
First shy එකේ මම ආස නැතිම Subject එක chemistry.මම සර්ව දැනගන්නේ 2nd shy එකේදී.අන්තිමට මම ආසම Subject එක වුනේ Chemistry.First shy results Biology C, Physics C, Chemistry S.
අන්තිමට කියන්න තියෙන්නේ සර් අපි වෙනුවෙන් කරපු හැම කැප කිරීමකටම සර්ට ගොඩක් පින්.සර්ගෙ ඉස්සරහට එන හැම වැඩකටම wish කරනවා .Thank You very much Sir.....🔥❤️🔥❤️
Sir, මේ මගේ second shy එක. මන් first shy එකේ අන්තිම ටිකේ සර්ගෙ class එකට join වුණේ. ඒ නිසාම තමයි මට ඒ සැරේ chemistry වලට A එකක් ආවෙ සර්. මට ඒක ඒ සැරේ විභාගෙ ලියල ආවහම හොඳටම දැණුනා. මන් හැමෝටම කිය කිය ගියේ සර් නිසා තමයි ඒකට හොඳට face කරේ කියලා.
මන් A/L's ඇතුලෙදි self
Discipline එකක් තියාගෙන වැඩ කරපු කෙනෙක් නෙමෙයි සර්. මන් එදා කිව්වෙ , *අපි වෙනුවට සර් වැඩ කරලා සර් අපිට result එක අරන් දුන්නා කියලා.* සර් තරම් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ව මන් කවදාවත් දැකලා නැහැ සර්. මට හොඳටම මතකයි ගිය සැරේ chemistry paper එකට කලින් දවසෙ. අපිට paper එක තිබුණ දවසෙම සර්ටත් campus එකේ exam. හැබැයි මුළු දවසම සර් group එකේ ළමයින් අහන ප්‍රශ්න වලට voice recording දාලා උත්තර දුන්නා. එදා මන් හොඳ ටම stress වෙලා වැඩ කරගන්න බැරුව හිටුයෙ. මන් group එකට වෙලා නිකන් සර්ගෙ voice recordings අහගෙන හිටපු එක විතරයි කරේ. මට first shy Al Chemistry paper එකේ තමයි පළවෙනි සැරේට Chemistry වලට mcq 40 ට වඩා වැදුණෙ. ඒ සැරේ mcq 41k තිබුණා. මට results ආවෙ ABC. Chem A ,Bio B , Phy C. මන් එහෙම වැඩක් නොකරපු තරම් සර්. Classes වලට යන එකයි ඒ වෙලාවෙ මගේ උපරිමයෙන්ම පාඩමේ engage වුණ එක විතරයි කරේ.
Second shy එක ගැන ගත්තොත් ගොඩක් දේවල් වෙනස් කරගන්න මන් try කරා. හැබැයි බැරි වුණා. මේ සැරේ අඩුම තරමෙ පන්තිවත් හරියට් ගියේ නැහැ සර්. මන් හිතන්නෙ මන් එක මාසයක් chemistry class ආවෙත් නැහැ. හැබැයි මට අන්තිමට ඉතුරු වුණේ chemistry වලට මන් පන්තියේදි ලියපු papers ටිකයි ඒ වෙලාවෙ කරපු වැඩ ටිකයි විතරයි සර්. මට විභාගෙ ලියද්දි එක දශමයක් confidence තිබුණෙ නැහැ සර්. මන් විභාගෙ Chemistry ලියන්න බැහැ කිව්වා. හැබැයි මන් අන්තිමට හිතාගත්තෙ "මම පන්ති ගියා, ඒ වෙලාවෙ උපරිමයෙන් අහන් හිටියා. සර්ගෙ papers ටික ලිව්වා.මන් මේක පුලුවන් විදිහට කරලා එනවා . එච්චරයි කියලා. Mcq එක හොඳට ම අමාරු වුණා සර්. මන් කියන්නෙ එදා විභාගෙ ලියලා එද්දි මට හිතුණෙ. “ඉවරයි .මට mcq 28-35 අතර තමයි තියෙන්නෙ . මන් මොකද කරන්නෙ “ කියලා. මොකද මට plan එක තිබුණෙ chemistry 85ක් වත් ගන්න.
ඊට පස්සෙ හරි කමක් නැහැ මට දවස් 3ක් තියෙනවනෙ . Essay එක හොඳටම කරනවා කියලා හිතගත්තා sir. හැබැයි වෙනදා වගේම මන් පළවෙනි දවස හොඳට ම වැඩ කරා. ඉතුරු දෙක කෙරුණෙ නැහැ. Essay paper එකට කලින් දවසෙ රෑ මන් ETP 2 එක ආයිත් කරා. ලකුණු බැලුවහම 748 ක් වගේ ආවෙ. මන් ආයිත් බය වුණා. රෑත් මුකුත් කරේ නැහැ. බයට නින්ද ගියෙත් නැහැ. හැබැයි සර් paper එක අතට ගත්තහම මට දැණුනෙ මන් ඊයෙ රෑ කරපු paper වගේම නේද මේකත් කියන feeling එක. මන් ඒ වෙලාව ඇතුලේ මට පුලුවන් උපරිමය කරා සර්. මට structured එකක ලකුණු 50 ක වගේ කොටසක් ලියන්න බැරි වුණා. Time මදි වුණා.හැබැයි ඉතුරු ටික හොඳට ම ලිව්වා සර්. මන් mcq 32 ක් වගේ එයි කියලා හිතපු paper එකට මට mcq 41k තිබුණා. 😊
අනිත් subjects දෙකටත් mcq 41 යි😅.
කොහොමහරි සර් subjects 3ම ඔය විදිහට හරි කරගන්න සර් ලොකු උදව්වක් වුණා. විශේෂයෙන්ම chemistry . මන් පන්ති ආපු එක විතරයි සර් කරේ. හැබැයි මට මෙහෙම විභාගෙට මුහුණ දෙන්න පුලුවන් වුණේ සර් නිසා. ගිය සැරේ මන් exam කරද්දි මගේ essays එච්චර හොඳ නැහැ . හැබැයි මේ සැරේ ඒවටත් හොඳට ම face කරා.ඒහැම දේකටම thank you sir..මන් හොඳටම වැටිලා හිටපු සමහර වෙලාවල් වලට මන් courage එක ගත්තෙ, සර්ව මතක් කරගෙන.සර් අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළාද කියලා අපි දැක්කා සර්. ඒ හැමදෙයකටම ගොඩක් පින්.❤️
සර් කොච්චර courages ද සහ situations handle කරන විදිහ next level. හොඳම උදාහරණය ගිය සැරේ night seminar එක. සර් පාන්දර වෙනකන් කිසිම වෙනසක් නැතුව උගන්නලා අන්තිමට මොකක්ද වුණේ කිව්වහම අපිව shock වුණා වුණා සර්. මොකද සර් එළියට ගිහිල්ලා ඇතුළට එද්දි expression එකකින්වත් පොඩිම වෙනසක් වත් අපිට පෙන්නුවේ නැහැ.ඒක මාරයි.හිතාගන්නවත් බැහැ. මන් හිතන්නෙ ඉස්සරහටත් මගේ ජීවිතේ හදාගන්න ගන් මන් ගොඩක් දේවල් sir ගෙන් ඉගෙන ගත්තා.ඒ හැම දේකටම ආයිත් සැරයක් thank you සර්.
කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා නම් හිතාගන්න බෑ ඒත් sir වෙනුවෙන් පොඩි දෙයක් හරි type කරන්න ඕනෙමයි කියලා හිතුනා.
මට sirව මුලින්ම හම්බුනේ 1st shy එකේ අන්තිම.එදා ඉදන් අද වෙනකං මගේ ජීවිතේ පුදුම දේවල් ගොඩක් වෙනස් උනා.
Sirගෙ class එකට එන්න කලින් chemistry කියන්නේ මට එපාම කරපු මං ආසම නැති subject එක ඒත් අද වෙනකොට chemistry තමයි මං ආසම වගේම මට වැඩියෙන්ම පුළුවන් මට වැඩිම confidence එකක් තියෙන subject එක.🔥
මං කලින් මේක sirට කියලා තියෙනවා මං අවුරුදු 3ක් chemistry ඉගෙනගෙන තිබුණත් මං sirගෙන් ඉගෙනගන්න පටන් ගත්තේ ලකුණු 4න්. ඒත් sirගෙන් ඉගෙනගත්ත එක අවුරුද්දට මං මගේ chemistry ලකුණු 4 ඉදන් A එකකට වෙනකන් හැදුවා.
ඇත්තටම මං හැදුවා කිව්වොත් ඒක වැරදි මං නෙවෙයි මගේ ලකුණු හැදුවෙ sir.අනිවාර්යයෙන්ම ඒ credit එක 99%කටම වඩා යන්නේ sirට❤️
මං ඒක ඕනේ තැනක ඕනේ වෙලවක ඕනෙම කෙනෙක්ට කියනවා.
Sirගේ class ආවට පස්සේ මගේ ජීවිතේට ලැබුණු දේවල් කාටත් වඩා දන්නේ මං.
Sirව හම්බෙන්න කලින් මේක කොහොමහරි කරගන්න ඕනේ කියලාවත් උවමනාවක් තිබුණු ළමයෙක් නෙවෙයි මං.අවුරුදු 2 1/2ක් තිස්සේ fail වෙනවා කියලා දැන දැන නිකන් ඔහේ හිටපු එක කලේ මං😢
දන්නේ නෑ මං කවදම හරි කරපු මොකක් හරි ලොකු පිනකට තමයි මට පරක්කු වෙලා හරි sirගෙ class එකට එන්න පුළුවන් උනේ❤️
Class එන්න කලින් හිටපු මමයි දැං ඉන්න මමයි කියන්නේ එහෙම්පිටින්ම දෙන්නෙක්
Chemistry විතරක් නෙවෙයි අනිත් subject 2 උනත් කලේ sirගෙ වචන නිසා මේක කරන්න ඕනේ කියලා ඔලුවට දැම්මේ sir
කවදාමහරි දවසක හොඳ තැනක හිටියොත් ඒ sir නිසා.
මෙහෙම A/l කරගන්න බැරි උනා නම් මගේ ජීවිතේ කිසිම දෙයක් හරියන්නේ නැති වෙන්න තිබ්බා.
ඒත් ඕනේම වෙලාවේ sirගෙන් ඉගෙන ගන්න තරම් පිං කරලා තිබුන නිසා හැමදේම වෙනස් උනා.
ඒ හැමදේම වෙනුවෙන් sir ගැන හිතේ පුදුම respect එකක් තියෙනවා හැමදාම හැමවෙලේම.❤️🔥
Sir නිසා ලැබුණු තව දෙයක් තියෙනවා sir මගේ chemistry knowledge එක හැදුවා ඒ නිසා මට තව ගොඩක් අයට උදව් කරන්න පුළුවන් උනා sir.
කවදාවත් මට එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතිලා තිබුනේ නෑ. මං මට බැරි දේවල් මගේ යාළුවෝගෙන් අහගන්න කොට එයාලා ලස්සනට ඒවා පැහැදිලි කරලා දෙනකොට මං ඒක දැක්කේ මාර එකක් විදිහට. එත් අන්තිම වෙද්දී මට පුළුවන් උනා sir නිසා ඒ තැනට එන්න❤️
මං සමහර වෙලාවට ප්‍රශ්නයක් අහලා ළමයෙක්ගෙන් msg එකක් ආවම මගේ වැඩෙත් පැත්තක තියල එයාලට කියල දෙනවා.මං දන්නේ නැති දෙයක් නම් හොයලා හරි කියලා දෙනවා. මං ඒ වැඩෙන් පුදුම විදිහට සතුටු උනා sir ඒ හැම දෙයක්ම මට කරන්න පුළුවන් උනේ sir නිසා🥺❤️
අන්තිමට ම කියන්න තියෙන්නේ sir ලකුණු 4 ඉදන් මාව top list වෙනකං ගෙනාවට, වරදින්න තිබුණු මගේ ජීවිතේ හරිගැස්සුවට, වැටෙන වැටෙන හැම වෙලාවකම නවතින්න දෙන්නැතුව අල්ලන් හිටියට, මගේ ජීවිතේට sir නිසා ලැබුණු හැමදේකටම sirට ගොඩක් ගොඩක් ගොඩාක් පිං❤️🙏🏻
"මිනිස්සුන්ට හැමදාම හරියන්නේ නෑ එක තැනකදි හරි යනවා එතනින් එහාට දිගටම හරි යනවා "මේ තමයි මං මගේ ජීවිතේ හැමදාමත් ආසම වචන ටික❤️
Sir ඉස්සරහට කරන හැම වැඩක්ම හොඳම විදිහටත් වඩා හොඳට වෙන්න කියලා wish කරනවා.
"ඉස්සර මට මාර චරිත sir අභියස මියැදුණා."🔥මේක ඇත්තක්.
Thank you so much @Amila_Dasanayake Sir ❤️
#ආසාවෙන්_ඉගෙනගන්න ✨
D.Senali Dewanmina.
18.01.2024.